Google Allo කියන්නේ messaging app එකක් මේ app එක release උනේ මේ ලගදි ඒත් මේ ගැන මුලින්ම announce කරේ Google I /O කියන annual developer conference එකේදී. මේ app එකේ තියෙන විශේෂත්වේ මොකක්ද ?

unnamedමේ app එකේ තියෙන ලොකුම වෙනස තමා google assistant කෙනෙක් app එකේ ඉන්නවා, ඒ කියන්නේ අපි text කරද්දී reply වලට backsupport විදියට තමා ඉන්නේ. ඔයාලා AI ගැන අහලා ඇතිනේ ඒ වගේම මේ app එක වැඩ කරනෙත්. මේ Google assistantට පුළුවන් AI කෙනෙක් විදියට වැඩ කරන්න. ඒ කිව්වේ මේ Allo app එකෙන් පුළුවන් අපිට news බලන්න, අපේ emails check කරන්න සහ තවත් තොරතුරු රැසක් ගන්න, අපිට කරන්න තියෙන්නේ google assistant දෙන auto suggestion tab click කරන්න විතරයි.

IoT සංකල්ප ගැන ඔයාලා අහලා ඇති ඒ සංකල්ප දැනුම යොදාගෙන තමා මේ නිර්මාණය කරලා තියෙන්නේ. Allo app එක smart messaging app කියලත් හදුන්වනවා ඇත්තම කිව්වොත් එහෙම කියන එකේ වරදකුත් නෑ ඉතින්. තව විශේෂ දෙයක් තමා security පැත්ත. ඇත්තටම හොද security methods වගයක්  තියෙනවා මේකේ incognito කියන option එකෙන් පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න පුළුවන්.

තව දෙයක් තමා අපි යවන text විශාල කර හෝ කුඩා කර අපේ හැගීම් යම් තාක් දුරට සංවාදයේ යෙදෙන කෙනාට අගවන්න පුළුවන්. ඒ වගේම අපි ගන්න photo එකක් edit කරලා යවන්නත් පුළුවන්. මේක ඇත්තටම multi package app එකක් වගේ හැමදේම තියෙනවා.

මේ තියෙන්නේ Allo app එක සදහා නිර්මාණය කරපු ප්‍රචාරක video එක

මේ තියෙන්නේ 2016 Google I /O conference එකේදී Allo app announce කරපු video එක

 

මේ video බලපුවම ඔයාලට හොද අවබෝධයක් එයි මේ Allo app එක ගැන
ඔයාලට පුළුවන් මේ app download කරන් මේ අත්දැකීම විදින්න. මේ තියෙන්නේ download ලින්ක් එක https://play.google.com/store/apps/details?id=com.google.android.apps.fireball&hl=en

Advertisements