මොකක්ද මේ IEEEXtreme කියන්නේ ?

13321889_1351099304903807_7047963103305854743_n

IEEEXtreme කියන්නේ Institute of Electrical and Electronics Engineers(IEEE) කියන society එකෙන් තියෙන problem solving competition එකක්. මේ competiton එකට  IEEE membership අරන් තියෙන studentsලට සහභාගී වෙන්න පුළුවන් වාර්ෂිකව පවත්වන hackathon එකක්  සහ තරගකාරී programming challenges තියෙන කණ්ඩායම් විදියට තරග වදින competition එකක්. මේ තරගය undergraduatesලටම වෙන්වුන තරගයක් එකයි මේකේ විශේෂත්වේ ඒ වගේම තව විශේෂත්වයක් වෙන්නේ මුළු ලෝකයම එකම වෙලාවක මේ තරගයට සහභාගී වීමයි. මේ තරගය සදහා IEEE Student Branch, ඒ කියන්නේ විශ්ව විද්‍යාල  මට්ටමින් IEEE එකට සම්බන්දව පවත්වන යන society එකක්. මේකේ ඉන්නේ undergraduatesලා.IEEE Student Branch එකේ  සහයෝගය දෙමින් Proctor කෙනෙක් සමග පැය 24ක් මේ තරගය පැවැත්වෙනවා  ඒ කියන්නේ පැය 24ක් පුරාවට මේ තරගකරුවන් දෙන ප්‍රශ්න විසදන්න ඕනා එකයි මේක ගොඩක් interactive වෙන්නේ.

IEEEXtreme පටන් ගන්නේ 2006 වසරේදී අද වෙද්දී 10 වෙනි වසර සම්පුර්ණ කරනවා ඒ මේ ඔක්තෝම්බර් 22වෙනිදට. 2006 පටන් ගද්දි teams 47ක් හිටියා 2008 දී teams 130ක් තරග වැදුනා ඒ වගේම 2015දී teams 2300කටත් වැඩියෙනුත්, 5500කටත් වැඩියෙන් student competitorsලයි, 600කට වැඩියෙන් proctorsලයි, 100කට වැඩියෙන් volunteersලයි ලෝකය පුරාවෙන්ම සහභාගී උනා.

මේ තරගයේ නීති තමා කණ්ඩායමක ඉන්න පුළුවන් සාමාජිකයන් ගණන 3යි, හරියටම තරගය තියෙන දවසේ GMT 0.00 වෙද්දී පටන් ගන්නවා. හැමෝටම එකම ප්‍රශ්න ලැබෙන්නේ සහ තනිවම විසදන්න ඕනා. තරගයේ ලකුණු ලැබෙන්නේ ප්‍රශ්නය විසදන හැටියට සහ වෙලාවටයි. මේ හැම ප්‍රශ්නයක්ම Hackckrrank කියන website එකත් එක්ක සහයෝගයෙන් තමා මේ ප්‍රශ්න host කරන්නේ.

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 22වෙනිදට IEEEXtreme competition එක තියන්න සියල්ල සුදානම්. ” <i > can code” තමා තේමාව කරගෙන ඉන්නේ.

ඔයාලට දැන් ඉදන් register වෙන්න පුළුවන්. මේ ඔක්තෝම්බර් 14 වෙනිදා තමා closing date එක වැටිලා තියෙන්නේ. ඉතින් පරක්කු වෙන්නේ නැතුව මේ coding අත්දැකීම විදගන්න. IEEE member කෙනෙක් වෙන එකේ තව වාසි ගොඩක් ඔයාලට හම්බෙනවා. ඒ ගැන පස්සේ කියන්නම්.

2015 දී top 10 උනේ මේ teams

vjcjvjvkb

Advertisements