Google Duo කියන්නේ video call ගන්න පුළුවන් android app එකක්. Google සමාගම විසින් 2016 දී ඒ කියන්නේ මේ අවුරුද්දේ Google I/O කියන annual developer conference එකේදී මේ app එක ගැන කිව්වා. අපි දන්නවා video call ගන්න ඕන තරම් android app තියෙනවා කියලා, එහෙනම් මේකේ විශේෂත්වේ මොකක්ද ?

attachment

මේ app එකේ තියෙන ප්‍රධානතම විශේෂත්වේ තමා අපි call එක ගන්නකොටම video එක යනවා ඒ කියන්නේ අපි call එක දෙන කෙනා අපේ call එක answer නොකරම එයාට අපි කරන දේ පේනවා , අපි කියන දේ ඇහෙනවා. ඔව් මේකත් හරියටම Apple සමාගමින් හදපු FaceTime වගේ හරියටම කියනවනම් Google සමාගමින් Apple සමාගමට තරගකාරී වෙන්න මේක හැදුවා කියන්නත් පුළුවන් අපිට. මේ app එකෙන් android phone වලට විතරක් නෙමේ Apple phone වලටත් call ගන්න පුළුවන් එකත් එක්තරා විශේෂත්වයක් මොකද තමන්ගේ වටා ඉන්න පාරිභෝගිකයන්ට විතරක් නෙමේ අනිත් අයටත් මේ අත්දැකීම විදින්න, විදගන්න ඉඩ දෙනවා.

අනිත් විශේෂ දේ තමා මේකේ inter face එක, ඉතාමත් සරල inter face එකක් වීම. Skype call එකක වගේ අපිට අපිව පොඩි කොටසකින් පෙනෙන්නත්, call එක dial කරන්න, විසන්ධි කරන්න, Audio control කරන්නත් පහසුවෙන්ම පුළුවන් ඒ ඉතාමත් සරල inter face එකක් නිර්මාණය කරලා තියෙන නිසා.

ඔබ Google Duo කියා search කර විට සමහර විට ඔබට Google Allo කියා result එකක් එන්න පුළුවන් ඒකත් Google සමාගමින් අර කලින් කිව්ව Google I/O කියන conference එකේදී ඉදිරිපත් කලා. ඒ ගැන විස්තර ඒ App  එක release කරපුවම කියන්නම් කෙටියෙන් කිව්වොත් ඒක messaging app එකක් හැබැයි එකෙත් ලොකු විශේෂත්වයක් තියෙනවා හරියට Google Duo වගේ.

මේ තියෙන්නේ Google I/O conference එකේදී මේ ගැන ඉදිරිපත් කරන අවස්ථාව

 

Google සමාගමින් Duo සදහා කරපු ප්‍රචාරක විඩීයෝව, මෙකෙන් ඔයාලට Google Duo කියන්නේ මොකක්ද ? මේකෙන් මොකක්ද වෙන්නේ කියන එක බලන්න පුළුවන් ඒ වගේම හොද අදහසක් ගන්නත් පුළුවන්

 

මේ link එකෙන් ඔයාලට Google Duo video calling app එක download කරගන්න පුළුවන්
download කරගෙන මේ අත්දැකීම විදින්න.

Link : https://play.google.com/store/apps/details?id=com.google.android.apps.tachyon&hl=en

Advertisements